ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය වසර සිය ගණනක් පැරණීය. එහි ආරම්භකයෝ ලාංකික අප නොව බි්‍රතාන්‍ය ජාතිකයන් වෙති. ඔවුන් ලංකාවේ සේවයට පැමිණි ඔවුන් සමහර විට සිංල දෙමළ ආදි භෘෂා පවා ඉගෙන ගෙන ගත් බවට වාර්තා ඇත. එසේ කළේ යටත් විජිත සමයක වුවද, තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන බව දැන සිටි හෙයිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ජගත් කලා ඉතිහාසයේ හාස්‍ය උදෙසා නිපද වූ සියලුම වැඩසටහන් පාරජයට පත් කරමින් කදිම හාස්‍ය ජනක රංගනයක නිරත වෙමින් සිටින්නේය. මෙය නව ආරක සිනමාවකි. ඔහු වටා සිටින “කලා කරුවන්” මොහුගෙන් ඉගෙන ගෙන මෙම නව ආකාරයේ සිනමාව ලෝකයට රැගෙන යා යුත්තේය. ඔහුගේ “තුන් කල් දක්නා” ණුවනින් උදාවෙන්නේ යැයි කියන “සුභ අනාගතයේ”, නව සිනමාව වශයෙන් මෙය හැඳින්වීමේ වරදක් නැත.

පසුගියදා එස් බී දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කරේ ජනවාරි 8වනදා ජනාධිපති ජයග්‍රහණයෙන් අනතුරුව චන්ද්‍රිකා බණඩාරනායක හිටපු ජනාධිපතිනිය නිරුවත් කර පහරදී පාරේ දුවන්න සැලැස්විය යුතු බවයි.
 
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව පසුගියදා පෙරමුණ ගත් පුරවැසි බලය සංවිධානය නියෝජනය කළ සමනලී ෆොන්සේකාට විරුද්ධව ආන්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වගෙන යන එක්තරා මඩ වෙබ් මාධ්‍ය ආයතනයක් විසින් මඩ ප්‍රචාරයක් ගෙනගියා.
අරිසෙන් අහුබුදු ශූරීන්ගේ නිරුක්තිමය සොයා ගැනීමට අනුව මාතර වැලිගම සෙක්කුපියර් හෙවත් ශේක්ෂ්පියර්ගේ බොහෝ ඛේදාන්තයන් මේ දිනවල ඔහුගේ නිජබිම වන සිරි ලංකාපුරයේ දී දකින්නට ලැබේ. මැක්බත්සේම ජුලියස් සීසර්ද අප ඉදිරියේ රඟ දැක්වෙමින් ඇත. කැමූගේ කලිගුලා වුවද මේ දිනවල ඔබට සජීවීව නොමිලයේම නැරඹිය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනිය නැරඹීමයි. 

2005 ජනාධිපතිවරණය පැවැති කාලය, එය සාම සාකච්ඡාවන් අවසානය කරා ගමන් කරමින් තිබූ කාලයයි... නැවැත යුද්දයක් ඇතිවිය හැකි සාංකාවක් රට පුරා උග්‍රව තිබූ කාලයකි...

ජනාධිපතිවරණයදී දරුණු මතවාදී පක්‍ෂයන් සියල්ල එක් පැත්තකට එක්රැස්වුණි. සාම සාකච්ඡාව නවතා දැමිය යුතුයි.. රනිල් - ප්‍රබා හවුල රට දෙකට බෙදීමට යනවා.. යැයි ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වැනි පක්‍ෂයන් විසින් දැවැන්ත ප්‍රචාරයක් ව්‍යාප්ත කළෝය... ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයකදී කෙදිනකවත් නොතිබූ අයුරින් රටපුරා අලවා තිබූ පෝස්ටර්වල අසික්කිත ලෙස ජාතිවාදය වපුරා තිබුණි... අද විපක්‍ෂයේ සිටින මංගල සමරවීර සහ දිවංගත ශ්‍රීපති සූරියාරච්චි යන පිරිස  මහින්ද රාජපක්‍ෂව පාලනයට ගෙන ඒමට දහඩිය මහින්සියෙන් කැපවී කටයුතු කළෝය. ජ.වි.පෙ. - හෙළ උරුමය ඇතුළු පක්‍ෂයන් මහින්ද රාජපක්‍ෂට රජ පුටුව ලබාදීමට ගමින් ගමට ගොස් ජනතාවගෙන් බැගෑපත්ව අයැද සිටියහ.

නිලන්ත ඉලංගමුව

තමන්ගේ බොරු ප්‍රචාර කොට ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑම සඳහා ත්‍රිමාණ තාක්ෂණය නොව කුමන උපාය යොදා ගත්තද ජනතාව හූ කීමට පටන් ගෙන තිබේ. මෝදීගේ මැතිවරණ උපායන් සියල්ලම රාජපක්‍ෂ ඉතාම අහිංසක මී පැටියෙකු ලෙස භාවිතා කරමින් සිටින්නේය. ඔහු දකින සිහිනය කෙසේ වෙතත් පක්ෂය තුළ ඇති වී ඇති බෙදීම යළිත් රාජපක්ෂට තබා රාජපක්ෂගේ ඥාතියෙකුට හෝ වෙනස් කළ නොහැකිය.

නිලන්ත ඉලංගමුව

අවසානයේදී ඔහු තම මංගල රැළිය පැවැත්වුවේය. ඒ අද අනුරාධපුරයේදීය. නමුත්, කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් මහා ඝෝෂාවක් කළ පමණට ඔහුට ඔහුගේ අදහස නිවැරදිව ප්‍රකාශ කර ගැනීමට පවා නොහැකි විය. යමක් කිව්වේය. එය ඇසීමට සැලකිය යුතු පිරිසක් ඒකරාශී කරගැනීමටද සමත් වූ සැටියකි. මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාගය පවා කඩාකප්පල් කොට එම කටයුත්ත අසමජ්ජාති ලෙස හෝ සිදුකොට ඇත. ඊට එකතු කරගත් සෙනඟ දැකීමෙන් ඊට සහභාගී වූ සියලුම දෙනා අන්ද මන්ද වී කීමට සිටි සියල්ල අමතක වූ ස්වභාවයක් පෙන්නුහ.

නිලන්ත ඉලංගමුව

වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත් දෑ කරළියට ආවේය. ආණ්ඩුවට තිබු ප්‍රභලතම අභියෝගය වූයේ අවුන් සාන් සූ කීගේ දේශපාලනයය. මොණරා, ඇය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ලීගයේ සංඛේතය විය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us