ශ්‍රි ලංකා “ප්‍රජාචන්ත්‍රවාදී’’ සමාජවාදි ජනරජයේ හත්වෙනි ජනාධිපතිවරණය තිබුණෙ පසුගිය අටවෙනිදා. නවවෙනිද උදේ ඉදල නම් යන්තං “ප්‍රජාතන්ත්‍රවාදය’’ ලැබුණ කියල හිතන්න පුළුවන් තත්ත්වයක් උදා වුණා. ඒ වුණාට ඒකත් තාම හරියට විශ්වාස නැහැ. මේ ගැන මගේ මිත්‍රයෙක් එක්ක කතා කරාම කිව්වෙ නම් ‘මෛත්‍රී, මහින්ද වෙන්න තව ටික කාලයක් යාවි. ඊට ඉස්සෙල්ල කරන දෙයක් කරගන්න’ කියල.

ඊයේ(18) පිලියන්දල ප්‍රදේශයෙන් ජනාධිපති පුත්‍රයකුට අයත් රේසිං මෝටර් රථයක් හමු වීමෙන් පසුව පසුගිය දින කිහිපයේදී පිළියන්දල ජාලියගොඩ සිට කැස්බෑව දක්වා අලුතෙන් සකස් කර ලද නව හරස් මාර්ගයේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පැවැත්වුනු මොටර් රථ තරග ‍අද පාන්දර ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පැවැත්වූයේ නැතැයි එම ප්‍රදේශ වාසීහු පවසති.

මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ.

ප්‍රථම ලෝක සිතියම සකස් කළ ටොලමිට ලෝකයේ බොහෝ සුවිශාල ප්‍රදේශ මඟ හැරී තිබිණි. එහෙත් කුඩා වුවත් අපේ රට මඟහැරී තිබුණේ නැත. ටොලමි ඔහුගේ සිතියමෙහි අපේ රට දක්වා තිබුණේ හැබෑ ප්‍රමාණයට වඩා අතිවිශාලවටය. ඊට හේතුවක් තිබුණි. එකල අපේ රට ගැන ලොව පුරා පැතිරී තිබු කීර්තියට අනුව ටොලමි අනුමාන කර ඇත්තේ එය මහා විශාල ප්‍රදේශයක් ලෙසය.

දිමියන් ගසකට නැගගත් කල අතු ඉති පුරා කොල නවා ගොටු ගසා ප‍්‍රභාසංලේශනයට බාදා කරති. එහි ස්භාවික පැවැත්ම බලහත්කාරි ලෙස නවතා දමති. ගසට නැඟගත් ඕනෑම අයෙකුට වටකොට පහර දෙති.

කරන කලට පව් මිහිරිය මීසේ

 

කරන   කලට පව් මිහිරිය          මීසේ

විදින    කලට දුක් දැඩිවෙයි       ගිනිසේ

ඇඳින   එපව් දුරලන                  උපදේසේ

නුදුන    මැනවි තුන් දොර          අවකාසේ

ලෝවැඩ සඟරාව 37 වන කවිය

(පව් කරන විට ඒවා මී පැණි මෙන් රසවත් ය. නමුත් එහි විපාක විඳින විට එය ගින්දර මෙන් රුදුරු ය. ඒ පව් බැහැර කරන උපදෙස් හොදින් හඳුනාගෙන සිත, කය, වචනය නමැති තුන්දොර පාපය වෙනුවෙන් විවර නොකරනු මැනවි)

ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට කොළඹ වරාය මුල්කරගනිමින් චීන වරාය නගරය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යනු ලබයි. පසුගිය දෙසැම්බර් 23 මීගමුව නගරයේ පැවති දැවැන්ත උද්ඝොෂණයෙන් පසුව එයට පිළිතුරු වශයෙන් තමා බලයට පැමිණි පසුව ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැඩි හානියක් වන චීන වරාය නගරය නවතා දමන බවට පොරෝන්දු විය. එම පොරෝනදුව අමතක වීමට පෙර එය ඉටුකරන ලෙස දන්වා සිටින අතර එය ඉදිකළහොත් සිදුවන දැවැන්ත බලපෑම පහත පරිදි කෙටියෙන් සටහන් තබන්නෙමු.

 
කොළඹ දකුණු වරායේ සිට කොළඹ වරාය ප‍්‍රදීපාගාරය මායිම් කරගනිමින් අක්කර 575ක් මුහුදෙන් ගොඩකරමින් මෙම නගරය ඉදි කිරීම මේවන විට හීන්සීරුවේ කරගෙන යන අතර මෙය චීන සමූහාණ්ඩුවේ අවශ්‍යතාවයක් මත ඉදි කරමින් යනු ලබන්නකි.

මහා බරපතළ දේශපාලනික සංකල්ප නොදන්නා මිනිසෙක් පෙරදා මැදමුලනේ දී අප සැමට හිසට පොලු පහරක් දී අවදි කළේ ය. "මරල හරි දින්නෙ නැත්තෙ මොකෝ ?" ඔහු නැඟූ පැණය යි. මෙයට පිළිතුරු සොයා හිටපු ජනපතිවරයා දිව ගියේ සිය වන්දිභට්ටයින් ලවා නෑකම් කියවාගත් බුදුන් වෙත නොවේ. ඔහු කෝසම්බි ජාතකයෙන් "වෛරයෙන් වෛරය නොසංසිඳෙනා" කතාවක් ගෙනහැර පෑවේ නැත. ඔහු කීවේ, "එහෙම බෑ, ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා" කියා ය. තමන් නොහඳුනා කිසියම් බැදීමක් විසින් මැරීමට ඇති ඉඩ අහුරා ඇති බවක් මිස මැරීමේ කතාව අයුත්තක් බව ප්‍රශ්න කරන්නාට නොහැඟෙනු පිණිස ඔහු අවසන සිය ප්‍රතිවාදයා දිනුවේ ඊළාම් චන්දවලින් බව ද කියා සිටියේ ය. ඊළම නැති කිරීමේ නාමයෙන් මළමිනී කඳුගැසූ රටක සිට ඔහු අමතන්නේ කාටද ? සුද්දාගේ ප්‍රජාතන්ත්‍රවාදයට තවමත් යට නොවූ හර්ද සාක්ෂියක් ඇති අදාල ප්‍රශ්නය නිරායාසයෙන් මතුකළ සිංහලබෞද්ධයා (තනිවචනයකි) ට ය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us