නිලන්ත ඉලංගමුව

අපේ මිනිසුන් සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙක් තෝරාගෙන සිටිති. ඔහු පෙරේදා තම රාජකාරී කටයුතු ආරම්භ කළේය. දශක ගණනාවකට පසු ශ්‍රී ලාංකිකයෝ තම තෝරගැනීම නිවැරදිව කොට ඇත. මෙය සැබවින්ම පැසසිය යුතු කාරණයකි. මෙම ඉවසිලිවන්ත මිනිසා රාජ්‍යතන්ත්‍රඥයෙකි. එසේම ඉතාම කලාතුරකින් පමණක් හමුවන සැබෑ මිනිසෙකි. ස්වභාවික නීතිය අනුව ඔහු ජයග්‍රහණ කළ යුතු බව එකල සිටම මා හට පෞද්ගලික විශ්වාසයක් තිබුණු අතර එය ඒ ආකාරයෙන්ම සිදු විය. මෙම ජයග්‍රහණය රැකගැනීම සහ මනා නිරීක්ෂණයකට ලක් කිරීම මීළඟ සැබෑ අභියෝගය වේ.

‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) බව අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය’’

මෛත්‍රී පාලනයක් සඳහා අවැසි අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 39 ක් ද, අමාත්‍යවරියන් 6 ක් ද? ඊයේ සවස දිව්රුම් දුන්හ. ඒ: කැබිනට් ඇමතිවරු 25 ක්, අමාත්‍යවරියන් 2 ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 9 ක්, අමාත්‍යවරියක්, නියෝජ්‍ය ඇමතිවරු 7 ක් සහ ඇමතිවරියක් වශයෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමේ කටයුත්තෙහි පතාක යෝධයකු වූ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, එම ජයග්‍රහණය සම්බන්ධයෙන් මුසාවාදා ‍රැසක් මේ වන විට ජනගත කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

අභිනව ජනාධිපතිවරයා දිව්රුම් දී තවම විසිහතර පැයකි. එහෙත් පැරණි ක්‍රමය ම ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන් ම රාජ්‍යය මාධ්‍යය ආයතන විසින් සම්පාදනය කරනු ලබන වැඩසටහන් දෙස විමසිලිමත් වීමේ දී මෙය දක්නට හැකි ය.

නිලන්ත ඉලංගමුව

අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත.

නිලන්ත ඉලංගමුව

රාජපක්ෂ අද මැදමුලනේදී තම කැමැත්ත තමන්ටම ලබා දීම සඳහා ශුභ හෝරාව අනුව යමින් ශුභ දිසාව දෙස බලා කටයුතු කරනු ලැබීය. ඔහු සමඟ වෙනදා ගමන් කරන අයවලුන්ට අමතරව ඔහු අභිමුඛයේ තවත් අයෙකු විය. ඒ අයියෝ සිරිසේන නමැති නළුවෙකි. ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ හෙතම වඩාත් අප්‍රසන්න ලෙස මාධ්‍ය ඉදිරියේ යොදා ගත්තේය. එකී පුද්ගලයා රාජපක්ෂගේ මෛත්‍රී බීතිකාව නැතිකිරීම සඳහා විවිධාකාරයෙන් භාවිතා කරනු ලැබීය. සැබවින්ම එමඟින් සැබෑ අවාසියක් අත් වූයේ රාජපක්ෂට මිස මෛත්‍රීට නොවේ. එම සරල දේ තේරුම් ගැනීමට අවසාන මොහොතේද රාජපක්‍ෂට නොහැකි විය.

ගමනක මුල

Thursday, 08 January 2015 09:25

අද දින පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හය වන විධායක ජනාධිපතිවරණය යි. මෙය හුදෙක් ජනාධිපත්වරණයක් ම පමණක් නොවේ. එනම් ලාකීය දේශපාලන ගමන් මගේ හැරවුම් ලකෂ්‍යයකි. 2009 මයි මස 9 වන දින එක් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් සමස්ත ලාංකීය ප්‍රජාව ම අත්විඳි අනේක දුක් කම්කටුලු නිමා වන්නේ හෝ තව තවත් එබඳු දුක් කම්කටුලුවලට මුහුණ පාන්නට සිදුවන්නේ අද දිනයේ රටේ බහුතර ජනයා ගන්නා තීරණය අනුව ය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us