දේශපාලන අනාථයන් ලංකාවට පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ තවත් 'ලජ්ජා සහගත' වැඩක්
දේශපාලන රැකවරණ පතා පැමිණ පිටුවහල් කැරුණු සිව් දෙනකු ශ්‍රී ලංකාවේ යුද බලධාරීන්ට බාරදුන් ඕස්ට්‍රේලියානු රජය, එරට මානව හිමිකම් සංවිධානක දැඩි දොෂ දර්ශනයට ලක්වී තිබේ. යාත්‍රාවකින් යද්දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කොකෝස් දිවයින අසළ මහ මුහුදේ දී මේ මස මුල් භාගයේ අත්අඩංගුවට ගන්නා ලද මොවුන්, කඩිමුඩියේ ආපසු යැවීමෙන් හිරගත කිරීමේ හා වද හිංසාවන්ට ලක්වීමේ අවදානමට මුහුණපාන බව මෙල්බර්න් නුවර මූලස්ථානය කොටගත් දෙමළ සරණාගත සභාව පවසයි.
ඊයේ (2015-02-18) දිනයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ඊයේ ම සටහනක් තැබූවෙමි. ඒ සටහනට ඌනපූරණයක් සපයන්නට එකී දිනයේ යළි දේශපාලන පිටියට පැමිණෙන්ට කැසකවන පරාජිතයෝ ම අවකාශ සැලසූහ.
අතීසාරයට අඹුඩ ගැසීම නොහොත් නුගේගොඩ රැළිය - නිලන්ත ඉලංගමුව
මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම් ඇතිකළ හැකිය.
අද දිනය ශ්‍රී ලංකා දේෂපාලන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක් වනු නොඅනුමාන ය. මන්ද දිරාපත් වූ, කරකැවිය නොහැකි කරත්ත රෝදයත්, කාලයක් අක්‍රීයව තිබූ හෙයින් වයින් කළ නොහැකි ඔරලෝසුවත්, මිල පහත බැස ඇති පංචායුධය පිවිතුරු යැයි කියාගන්නා අපවිත්‍ර කණ්ඩායමක් සමග සිය අඩුවැඩිය යළි බලගැන්වීම සඳහා කැසකවන දිනයක වීම හේතුවෙනි.
උතුරේ පණිවුඩය නිවැරැදිව බාර ගන්න! - නිර්මාල් රංජිත් දේවසිරි
ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ කණ්ඩායමෙන් ඉල්ලා සිටිමින් පසුගිය දා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පාදක කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.
පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරුගම්බේ වෙරළෙහි ඉදිකර ඇති, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 54 ක් පිළිබඳ හෙළිදරවු කළේය. මෙම නිවාඩු නිකේතන ඉදිකිරීම පිටුපස තවත් කතාන්තරයක් තිබේ.
උතුරේ හෝ දකුණේදී අපේ දරුවන් මරා දැමීමේ අයිතිය දුන්නේ කවුරුන් ද?
එක් දහස් නවසිය අනූවේ පෙබරවාරි 17 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ.
ප්රජාතන්ත්රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්රජාතන්ත්රවාදය - රංජිත් හේනායකආරච්චි
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩ සමාජයට ඉදිරිපත් කරයි. රටේ මහජනයා තමන්ගේ කැමැත්ත මෙම දේශපාලන වැඩපිලිවෙලකට ලබා දෙමින් යම් පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වෙත රටේ බලය ලබාදෙනු ලැබේ.
