හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වාසස්ථානය ලෙස තොරාගෙන තිබෙන 'මොනර භවන' නම් නිවහනේ ඉදිරිපිට පිහිටි පිහිණුම් තටාකය වැලි පුරවා වසා දමන ලද්දේ ඉන්දියානු වාස්තුවේදීන්ගේ නියමය පරිදි බව වාර්තාවේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලතල ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද (09)සවස බත්තරමුල්ලේ අපේගම ආසන්නයේ අක්මීමන දයාරත්න නම් කහකඩයා විසින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු යැයි කියමින් සිංහම බෞද්ධ මහ ජාතියේ මහා උද්ඝෝෂණයක් වැනි යමක් කරන්නට උත්සකර තිබිණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දන්වා ඇත.

පිළිකා අවදානම සහිත කෘමිනාශක වර්ග 5 ක් පිළිබඳ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින්ට උපරිම දඬුවම් දීමට පියවර ගන්නා ලෙස ශිෂ්ඨ සම්පන්න සමාජයක් සඳහා වූ ලංකා ජාත්‍යාන්තරය ඉල්ලා සිටී.

පරාජය කර ගෙදර යැවූ මිත්‍යාදෘෂ්ටික පාලකයෙකුට මේ තරම් ජනමාධ්‍ය ප‍්‍රචාරණයක ලබා දුන් රටක් හෝ කාලයක් ඉතිහාසය තුළ හමුනොවන බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැවසුවේය. ඔහු මේ අදහස් දැක්වූයේ පුරවැසි බලය සංවිධානය මගින් ඊයේ (08) පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

ld add copy

Connet With Us