උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති ධුරයෙහි වෙනසක්‌ ඉදිරි දිනවලදී ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එම පළාත් සභාවේ ආරංචිමාර්ග කියයි.

අරලියගහ මැදුරේ තිබු භාණ්ඩ තොගයක් පැලියගොඩ ප‍්‍රදේශයේ කන්ටේනර් 02ක් තුළ සඟවා ඇති බවට පැලියගොඩ මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අද (18දා) සවස් කාලයේ කරනු ලැබූ පරීක්ෂණයකින් අනතුරුව කන්ටේනර් රථ දෙකක් සොයාගත් බව පොලිස් මූලස්ථානය කියයි.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂට මහත්මියට මෙරටින් පිටවීම සඳහා ක‍ටුනායක ගුවන්තො‍ටුපොළේ ප්‍රභූ(VIP) මඟී පර්යන්තය යොදා ගැනීමට නීති විරෝධිලෙස කටයුතු කළ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාව වහා අත් අඩංගුවට ගත යුතු බව ගුවන් තො‍ටුපොළ සේවකයෝ පවසති.

පිළියන්දලදී සොයාගත් කාරය ලියාපදිංචි නොකළ අංක තහඩුවක් යොදා ධාවනය කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. මෙතෙක් ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාට රටින් පිටවී යෑමට ඉඩ දීම බරපතල වරදක් බව නීතිඥවරු පෙන්වා දෙයි. ඔහුට එරෙහිව බරපතල චෝදනා ‍රැසක් එල්ල වී තිබෙන මොහොතක මෙලෙස රටින් පිටවී යාමට ඉඩ ලබාදීම නව ආන්ඩුවේ 'යහපාලනය' විහිළුවක් බවට පත්වීමක් බව ඔවුන් පෙන්වා දෙයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ට ඉල්ලා අස්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්.මාර්සෝ  එම තනතුරේ වැඩ බැලීමට පත් කර තිබේ. 


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද පිටත්ව ගියේය.

ජනපතිවරණ සමයේ ගම්පොළ නගරයේ පොදු අපේක්ෂක කාර්යාලයකට පහරදීම, අයුතු ඇතුල්වීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා හිටපු අගමැති පුත් මධ්‍යම පළාත් මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න ඇතුළු ගම්පොළ නගර සභා මන්ත්‍රීවරු දෙදෙනකුට හා උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටත් ප්‍රභූ ආරක්ෂක නිලධාරියකුටත් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රටින් පිටවීම තහනම් කර ඇත.

ld add copy

Connet With Us