මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි.

සංවර්ධනයේ නාමයෙන් වන විනාශය සිදු නොකරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පැවැසූ බව  ජනපතිගේ ට්විටර් ගිණුම කියයි.

ලංකා මුහුදු සීමාව උල්ලංගණය කර ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

කැලණිය 'පෙරේරා ඇන්ඩ් සන්ස්' (P&S ) ආපන ශාලාවේ මැස්සන් සහිතව,  කෙහෙල් කොලේ ඔතපු බත් පාර්සල්  (ලම්ප්‍රයිස්) විකිනීමට ඇතැයි වාර්තාවේ. 

හම්බන්තොට පන්විල ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හම්බන්තොට වන ජීවී නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

පසුගියදා නාමල් රාජපක්ෂ හා ඉරාජ් වීරරත්න  කොළඹ බාලිකා පාසල් කිහිපයකට ගොස් රග්බි ප්‍රවර්ධන වැඩසටහනක නියැලුණු බවත් එහිදී ගායකයා තමන්ගේ ගීත තම ජංගම දුරකථනයෙන් වාදනය වීමට සලස්වා ඇති බවත්, එම ගීතවල අඩංගු පදපේලි වන මගේ ස්වීටි මැණික උම්ම දෙන්න යන ගීත කණ්ඩ සිසුවියන් ඉදිරියේ ගායනා කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි.

කොළඹ අඩු පහසුකම් ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩ නගමින් සිටින නිවාස වලින් 5000 ක් පමණ ලබන දෙසැම්බර් මාසය වනවිට එම ජනතාවට බෙදාදිය හැකියැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව ගුවන් මගින් ගෙන් දැඩි ලෙස චෝදනා එල්ලවී ඇතැයි එම ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us