අද කොහොමද ?

Published in පුවත්
Friday, 20 December 2024 07:58

අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ දිනවල ආනයනය කරන බහාලුම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම හේතුවෙන් කොළඹ වරායේ සහ රේගු අංගනවල තදබදයක් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි මස 31 හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

අධික වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයින් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබේ.

ප්‍රමාණවත් සහල් තොග නොලැබීම හේතුවෙන් මරඳගහමුල සහල් තොග වෙළෙඳපොළ ඊයේ (18 වැනිදා) පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

ld add copy

Connet With Us