ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී අඩි දහසක් පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ බස් අනතුරින් මරණයට පත් අයට පිං අනුමෝදන් කර තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය පතා පිරිත් දෙසුමක් අනතුර සිදුවූ ස්ථානයේදී ඊයේ (10) රාත්‍රී සිදුකෙරණා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට ( 12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.
රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.
කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් ධාවනය වූ බස් රථ වල ධාවන ස්ථානය අද මධ්‍යම රාත්‍රියෙන් වෙනස් වෙයි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පවසනවා.
හිටපු ජනාධිපතිවරු තුන්දෙනෙක්ට නිල නිවෙස් අහිමි වෙයි
"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්
නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
ආණ්ඩුව, විපක්ෂය මර්දනය කිරීමට ගන්නා මීළඟ අවිය ICCPR පනතයි - සුගීෂ්වර
ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීම සඳහා මීළග අවිය ලෙස ICCPR පනත යොදා ගනිමින් සිටින බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.