මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ බරවා රෝගීන් 27 දෙනකු හඳුනාගෙන ඇති බව ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ටයිල් සහන මිලකට ළගදීම - හදුන්නෙත්ති ගෙන් පොරොන්දුවක්
ජනතාවට ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සුහුරු ප්‍රවේශපත් නිකුතුව අකාර්යක්ෂමයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ සුහුරු ප්‍රවේශපත් නිකුත් කිරීම සහ ආසන වෙන්කිරීමේ පද්ධතිය මඟින් ආසන වෙන් කිරීමේ ප්‍රගතිය සමස්ත ටිකට්පත් අලෙවියෙන් සියයට 1ටත් වඩා අඩු මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

