බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලත් අද (12 වැනිදා) උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අද (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.‍

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.

මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ.

ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම, අනුරාධපුරය ආදී ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ විදුලිය බිඳවැටීම් සිදුවී ඇත.

ld add copy

Connet With Us