බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම විවෘත කිරීම අද (17) පෙරවරුවේ සිදු කෙරුණි.

කුරුඳු, තේ හා පොල් යන වැවිලි භෝග සඳහා යොදන පොහොර වර්ග ගණනාවක මිල තවදුරටත් රුපියල් 1500-2000 දක්වා මිලකින් අඩු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(17) රාජ්‍ය පොහොර සමාගමට උපදෙස් දුන්නේය.

විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායිහි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.

අද(17) දින මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට‍ නියමිතයි. 

විදුලි බිල අඩුකිරීමේ සහනය අගෝස්තු මාසයේ සිට පාරිභෝගිකයන්ට හිමිවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු  පවසා තිබේ. 

සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනෙන හෙට (18) දිනයේ යුධ හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් ඊයේ (16) දින ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් මරණයට පත්වී තිබෙ.

ld add copy

Connet With Us