දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබේ.

නිල්වලා ගගේ ගල් බැම්ම මතින් ජලය පිටාර දැමීම හේතුවෙන් තවත් ගම්මාන රැසකට ගංවතුර පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

අද (04) සිට තද වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය. 

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

විනෝද වීම සඳහා හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක්  මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ සිරවීමෙන් නොසිතූ අකරතැබ්බකට මුහුණ දුන්හ.

තමන් කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් නොකළ බවත්, තමන් කළ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේත් සඳහන් වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.

ld add copy

Connet With Us