උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.

වෙළඳපොළේ මාළු මිල ගණන් යළි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

වැසි වාර කිහිපයක්

Published in පුවත්
Saturday, 21 December 2024 08:13

අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට වසර 37ක සිරදඬුවමක් එරට අධිකරණය විසින් නියමකර තිබේ.

මෝටර් වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කර වාහන තොග රැස් කිරීම වළක්වමින් මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට කොන්දේසි 7ක් පනවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබුනා.

05%ක්ව පැවැති බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද (Advance Income Tax-AIT) 10% ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් ජනතාව ඉතුරුම්වලින් ඈත්වීමේ තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති.

ld add copy

Connet With Us