පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේමෙ කඩු 6000ක් රටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

සහල් මිල පාලනය ඉක්මවා අලෙවි කළ වෙළෙඳුන් 2000කට එරෙහිව නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකශ කර තිබෙනවා.

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිවන රථගාල් දොළහේ ව්‍යාපෘතියේ තුන්වන රථගාලේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ආරම්භ කෙරිණි.

යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දින 04ක විශේෂ මෙහෙයුමක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කර තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතයි. එම එන්නත් තොගය චීනයෙන් මෙරටට ලැබෙනුයේ පරිත්‍යාගයක් ලෙස බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරේ.

කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක ප්‍රකාශ කර තිබේනවා.

ld add copy

Connet With Us