අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපක් වීම සඳහා පොහොට්ටුව ශ්‍රීලනිපය සජබය ඇතුළු පක්ෂ ගනනාවක පිරිස් එජාපයෙන් නාමයෝජනා ලබා ගැනීමට පුළුවන්දැයි විමසා තිබෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත.

මෙම වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේද හදුන්වා දෙමින් මුළු රජය ම එක ම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ගල් අඟුරු හිඟයක් නිසා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් මාර්තු මාසයේ පැය 15 ක පමණ විදුලි බල කප්පාදුවක් අනිවාර්යයයෙන්ම පැමිණනෙ බව සහතික කර කියා පෑවද රජය මේ වන විටත් පෙබරවාරී මස සිට ගල් අඟුරු හිඟයකින් තොරව ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මේ අනුව කළු මාර්තුවක් එන බව කියමින් අනවශ්‍ය භීතියක් සමාජය තුළට කාන්දු කරමින් ‌රජයට එරෙහි දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ගත් පියවර අවසන් වී ඇත.

ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

ld add copy

Connet With Us