ම්ලේච්ඡ පාස්කු ඉරුදින ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී වසර දෙකක් සපිරෙන අද දිනයේ (21) අගමැති මහින්ද රාජපක්ෂ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත්කිරීම  අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අත් අඩගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රජයේ දේපල අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙරට තුළ කොරෝනා අසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

දහවල් කාලයට වැලි ප්‍රවාහනය කිරීම නවතා දැමීමට පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

මැයි පළමු වැනිදාට යෙදෙන කම්කරු දිනය සමරන ආකාරය පිළීබදව තීන්දුවක් ගැනීමට කොවිඩ් මධ්‍යස්ථානය වෙත සියලුම දේශපාලන පක්ෂ ප්‍රධානීන් අද (20 වැනිදා) කැඳවා තිබෙනවා.

යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව රටේ පවත්නා බොහෝ අණපනත් ඉක්මවා ගිය පාර්ලිමේන්තුවට, රජයට හෝ අධිකරණ පද්ධතියට හෝ වග නොකියන සර්ව බලධාරී කොමිෂන් සභාවක් වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනගඊශ්වරන් මහතා ඊයේ (19 දා) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩි වී ඇති බැවින් එම රා නියමිත ප්‍රමිතියකට සකස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ld add copy

Connet With Us