අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න දෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි -ජොන්ස්ටන්
ඉස්ලාම් අන්තවාදීන්ට ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න කවුරුන් හෝ යම්කිසි ප්‍රකාශයක් ව්‍යංගයෙන් හරි කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.
බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.
විද්‍යුත් ජා.හැ. නිකුත් කිරීම වසර 2ක් තුළ අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස්
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේනවා.
වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මගින් කඩිනමින් බෙදා හැරීමට කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙරට තුළ වාහන එකලස් කිරීමට සහ අමතර උපාංග නිෂ්පාදනයට සැලසුම්
මෙරට තුළ වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම ඊයේ (15) සිදු කෙරුණා.
වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේනවා.
ඇඟළුම් ක්ෂේත්රයේ ගුණාත්මකභාවය නැංවීමට රජයෙන් වැඩපිළිවෙළක්
ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.