පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීමට කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර තිබේනවා.

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

පසුගිය කාලය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් අධ්‍යනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට තීරණය කර තිබේනවා.

ජල විදුලි උත්පාදනයේ ක්‍රමික අඩුවීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක ලකුණු මතුවෙමින් තිබේන බව විදුලි බල අමාත්‍යාංශය කරනවා.

මත්තල අන්තර් ජාතික ගුවන්තොටුපොළට මෙතෙක් කලක් අඩුවක්ව පැවති තීරුබදු සහන සාප්පු සංකීර්ණය සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර මාර්තු මාසය අවසානය වන විට විවෘත කළ හැකි බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වෛරසය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නික්’ එන්නත මෙරටට හැකි ඉක්මනින් ඇණවුම් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.

සියලුම ආගමික කටයුතු සඳහා පැවැතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවට පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේනවා .

රුපියල් කෝටි 45කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික ප්‍රමාණයක් සමග යුද හමුදා සෙබළුන් දෙදෙනකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය හොරණ ප්‍රදේශයේදී ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ld add copy

Connet With Us