පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයින පුරා ඇති ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


සුළිකුණාටු පිලිබඳ කලාපීය කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානයේ (RSMC - India) අද දහවල් (2024-11-26 01.30pm) නිකුත් කරනලද නවතම වාර්තාව අනුව දිවයිනට ගිනිකොන දෙසින් පැවති පීඩන අවපාතය, අද උදෑසන වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.

රටින්‌ සහල්‌ ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික්‌ ටොන්‌ 4.24 ක්‌ නිෂ්පාදනය කළා. වාර්ෂික සහල්‌ අවශ්‍යතාවය සහල්‌ මෙට්රික්‌ ටොන්‌ මිලියන 2.46 ක්, බැවින්‌ අතිරික්ත වී තොගයක්‌ මෙරට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ කේ. බී ගුණරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීම සඳහා ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (25) දින නිවේදනය කර සිටියේය.

1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

විස්තීරණ අරමුදල්‌ පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන්‌ කරමින්‌ IMF සහ ශ්‍රී ලංකා බලධාරීන්‌ අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම ගැන සතුටු වන බව හිටපු මුදල්‌ රාජ්‍ය අමාත්‍ය ශෙහාන්‌ සේමසිංහ මහතා සිය X ගිණුමේ පණිවිඩයක්‌ නිකුත්‌ කරමින්‌ පවසයි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කරමින් අද (24) පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්ල වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි. එලෙස පැවරීමට යෝජිත අය අතර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ නම ඉහළින්ම සඳහන්ව ඇති බව දේශය පුවත් පත වාර්තා කරයි.

ld add copy

Latest News

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ න...

Connet With Us