කැලණි ගං මිටියාවතේ පවත්වාගෙන ගිය තේකුඩු ගබඩා සහ තේ ඇසුරුම් කර්මාන්තශාලා තිහක් පමණ ගංවතුරට හසුවීමෙන් විනාශ වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉදිරියේදී වැසි තත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

දීස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ගොවිපල ඇතුළු සත්ව පාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ගංවතුරින් යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි.

ld add copy

Connet With Us