අද දින (22) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය වාර්තා කිරීමට යැයි කියමින් මාතර රෝහලේ වා‍ට්ටුවකට ඇතුල් වීමට යත්න දැරූ හිරු මාධ්‍යවේදියාට රෝහල් ආරක්ෂක අංශ විසින් පහර දුන් බවට පලවන පුවත් පට්ට පල් බොරුක් බව වාර්තාවේ.

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැළෑ ඉඩම් අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදාල කැබිනට් පත්‍රිකාවට මේවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩම් නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

අද සිදුවූ ඇමැති මාරුවේ වැදගත්ම සංසිද්ධි දෙක නම් මංගල සමරවීරට මුදල් ඇමැතිකම හිමිවීමත් රවී කරුණානායකට විදේශ ඇමැතිකම හිමිවීමත්ය..

දෙදෙනාටම අලුත් ඇමතිකම් මඤ්ඤං විය හැකිය..

මාස කිහිපයක් පුරා සාකච්ඡාව ගැනෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය එළඹෙන සඳුදා උදෑසන නියත වශයෙන්ම සිදුවන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මේ වන විට සියලුම ඇමැති මණ්ඩල සාමාජිකයන්ට සඳුදා උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වීමට කටයුතු කොට ඇත. එමෙන්ම මේවන විට විදේශ ගතව සිටින සියලු ඇමැතිවරුන්ද එම අවස්ථාවට පැමිණිය යුතු බව දැන්වීමද සිදු කර ඇත.

ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ සේනානායක මහතා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරමින් සිටිය දී අසාධාරණ ලෙස ස්ථාන මාරුවක් ලබා දීමට මුදල් ඇමැතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව දැන ගැනීමට තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් සේවා ඉතිහාසයක් ඔහුට තිබිණි.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා මාර්ග සංවර්ධන කටයුතු කිරීම සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 75 ක් ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයාට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රශ්නකාරී තත්වය විමසීමට ඇමැතිවරයාව බැඳුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසමට කැඳවන ලෙස පසුගියදා බැඳුම්කර කොමිසමෙන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කරනු ලැබීය. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිය මැතිවරණ නිරීක්ෂකයන් සදහා පැවති වැඩමුළුවකදී ලබා දෙන මුදල සදහන් නොකර ප්‍රවාහන දීමනාවක් සදහා අත්සන් ගැනීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ කිරීමට ඊට සහභාගී වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමත් වී ඇත.

ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම (Prime Lands Group (Pvt) Ltd) විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ල සහ එම ඉඩම සම්බන්ධව ලිපිගොනු අංක FCID/107/15 යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ld add copy

Connet With Us