හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් 'සත්හඬ' පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී 2012 වසරේදී ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා තමන් තොරතුරු ලබා දුන් බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් තමාගේ කිර්ති නාමයට කෙලසා දැමිමක් බවටත් චෝදනා කරමින් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනිමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්ෂයේ සෙසු නායකන් එය සිදුකළ යුතු බවට දැඩි තීන්දුවක පසුවීම මත මෙම තීරණය ගෙන ඇති බවත් දැන ගැනීමට තිබේ.

පසුගියදා කොළඹදී HNDA සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත්කළ කමිටුවේ ප්‍රධානියා වන විදුලි බල අමාත්‍යංශයේ ලේකම් වන සුරේන් බටගොඩ මහතා හා එම පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත් බස්නාහිර පළාත්භාර ජේෂ්ඨ නියොජය පොලිස්ප්ති පූජිත ජයසුන්ද යන දෙන් දෙන්නා ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ එකම කාලයක ඉගෙනුම ලැබූ සමීප මිතුරන් දෙදෙනකු බව හෙළිව තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය මිනී මැරුමක් බව ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති නමුදු එය මිනීමැරුමක් බව සඳහන් කොට අවශ්‍ය අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම නිතිපති දෙපාර්තමේන්තුව හිතා මතාම අදිමදි කරමින් සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු පිළිබඳව මතු වී ඇති මතභේදාත්මක තත්වයක් මත වත්මන් ආණ්ඩුව තුළ යම් අර්බුධකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

2012 වසරේ අප්‍රේල් 7 වන දින පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධානියකු වූ ප්‍රෙම්කුමාර් ගුණරත්නම් මහතා අත් අඩංගුවට ගැනීමට සඳහා එවකට ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍යව තිබුණු බවත් ඒ සඳහා තමන්ට තොරතුරු දුන්න බවත් එවකට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ 'සත්හඬ' පුවත්පතට දුන් සම්මුඛ සකච්ඡාවක් අතර තුරදීය. එහි හඬ පටය අප වෙත ලැබී තිබේ.(යූ ටියුබ් වීඩියෝවක් ලෙස ඇති හඬ පටය පහතින් දක්වා ඇත)

ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයකු යටතේ එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් පිහි‍ටුවීම සම්බන්ධයෙන් එජාපයේත් ශ්‍රී ලනිපයේත් ප්‍රබලයන් අතර රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන දැන ගැනීමට තිබේ.

ආගමන නීති රීති උල්ලංගනය කරමින් මෙරට ‍රැඳී සිටින පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නයකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත් අඩංගුවට ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ඉහළම නායකයකුගෙන් කළ දැඩි ඉල්ලීමක් මත සිදුව ඇති බව අප වෙත වාර්තාවේ.

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායක් ප්‍රේම කුමාර් ගුණරත්නම් මහතාව මිට ස්වල්ප වෙලාවකට පෙර කැගල්ලේදී අත් අඩංගුවට ගෙන ඇති බව් වාර්තාවේ.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us