පලාත්පාලන ඡන්ද විමසීමෙන් කිසිදු පක්ෂයකට සියයට 50 ක් ඉක්මවා යෑමට  කිසිදු පක්ෂයක් සමත් නොවන නිසා  පළාත්පාලන ආයතනවල ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා එජනිස සමඟ පොහොට්‍ටු කණ්ඩායම එක් වනු ඇති බවට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද පැවැති මාධ්‍ය හමුවකදී යම් ඉඟියක් ලබා දුන්නෙය.

එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුකත කර සිටි ආරක්ෂක කටයුතු පිලිබඳ උපදේශක Minister Counsellor - Defence) සේවය වහාම අත් හි‍ටුවීමට විදේශ අමාතාංශය ගත් තීරණය සම්බන්ධයෙ පරල වී ඇති ජනාධිපතිවරයා අද උදෑසන විදේශ ලේකම් වරයාට කතා කර වහාම එම පරීක්ෂණය අත් හි‍ටුවන ලෙස බලපෑම් කර තිබේ. තව දුරටත් ලේකම් තනතුරේහි සිටීමට අවශ්‍ය නම් තමන් කියන ලෙස කටයුතු කරන ලෙස එම තර්ජනාත්මක බලපෑමෙන් හඟවා ඇති බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මැතිවරණ වේදිකාවක සිට සිංහ ලීලාවෙන් අගමැතිවරයාට අභියෝග කළේ පුලුවන්නම් බැඳුම්කර විවාදේ පෙබරවාරි 10 වෙනිදාට පෙර පවත්වන ලෙසය. එසේ කීවේ දේශපාලන තක්කඩිකමටය.

මෙරට බෝග විනාශ කළ හැකි බීජ වර්ග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා දේශපාලන බලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මොට්ට කඩුව වන වනා දූෂණ විරෝධය ගැන කතා කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා බලයට ඇවිත් දූෂිතයන්ට දඬුවම් දෙන බව කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් ඒකමයි. ජනතා විමුක්ති පෙරමුණ ඔසවන ලද දූෂණයට එරෙහි සටන් පාඨය දැන් දූෂිතයන් අරගෙන... යැයි අද පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසීය..

දේශපාලන ජෝකරයකු බවට පත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන අධ්‍යක්ෂණය කරනු ලැබු බැඳුම්කර නාටකයේ අවසන් ජවනිකාව අද උදෑසන සිට රඟදැක්වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව අර්ජුන් ඇලෝසියස් හා එම සමාගම් නිලධාරී කසුන් පලිසේනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එළඹෙන පළාත්පාලන ඡන්ද විමසීමෙන් පළාත්පාලන මැතිවරණ කොට්ඨාස 500ක ජයග්‍රහණය ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව රාජ්‍ය බුද්ධි අංශ පවසන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේඩී ලාල්කාන්ත මහතා පවසයි.

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.

ld add copy

Connet With Us