හෙට දින දිවරුම් දීමට නියමිත නව කැබ්නට් මණ්ඩලයට ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙනු ලබන ප්‍රධාන ඇමැති තනතුරු කිහිපයක්ම වන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

අද (23)සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලනීප මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ජාතික ආණ්ඩුවට එක්වීමට අකමැති මන්ත්‍රීවරු සිටින්නේ නම් විපක්ෂයට ගොස් ස්වධීනව කටයුතු කිරීමේ අයිතිය තිබෙන බව දන්වා තිබේ.

ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමාවන බව ට කළින් වාර්තා වූවද මේවන විට ලැබෙමින් පවතින ආරංචි අනුව එය 50 දෙනෙකුට වඩා වැඩි විය හැකිය. කැබිනට් ඇමති තනතුරු වෙනුවෙන් එජාපයෙන්ම 33න් දෙනෙකු දැඩි බලාපොරොත්තු තබාගෙන ඒ වෙනුවෙන් එජාප නායකත්වයට බල පෑම් සිදු කරන බව එජාප ආරංචි මාර්ග පවසයි. එමෙන්ම ශ්‍රී ලනීපයේද 20 දෙනෙකු පමණ කැබිනට් ඇමැති තනතුරු ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි. නියොජ්‍ය ඇමැතිකම් ප්‍රමාණයද 40 ක් පමණ වනු ඇති බවත් දැන ගැනීමට තිබේ.

ටී.බී. ත් ඉවතට

Published in පුවත්
Saturday, 22 August 2015 12:21

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ විධායක සභාවෙන් ටී.බී ඒකනායක මහතා ඉවත් කර ඇති බවට ලිිඛිත දැනුම් දීමක් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයට 2001 වසරෙන් පසුව දිනාගත නොහැකි වූ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසනය මෙවර මහ මැතිවරයෙන් එජාපයට දිනා දුන්නේ බලංගොඩ සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා බවත් මොහුට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවශ්‍ය මනාප සංඛ්‍යාව නොලැබුනත් ඔහුට ජාතික ලැයිස්තුවෙන් හෝ මන්ත්‍රීධුරයක් ලබා දීමට තිබූ බව රත්නපුර එජාප පාක්ෂිකයො පවසති.

දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක කම ලැබීම වැලැක්වීමේ සිංහල ජාතිවාදී වුවමනාව පදනම් කරගෙන විමල් වීරවංශ මහතා නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමාවෙත තබා ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක දියත් කරමින් සිටින බව වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉවත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැස්තුවෙන් මෙවර පාර්ලිමේන්තු වරම් ලබා ගැනීමට නියමිත නිතීඥ ශිරාල් ලක්තිලක මහතා සිය මන්ත්‍රී ධූරය ප්‍රතික්ෂේප කරමින් එම අවස්ථාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ld add copy

Connet With Us