පසුගිය කාලයේ මත්පැන් වල මිළ වැඩි කිරීම නිසා සුරා බදු ලෙස ලැබුණු රාජ්‍ය ආදායම සියයට 10 කි පමණ බිඳ වැටී ඇති බව අනාවරණය වී ඇත. නිත්‍යානුකූලව මෙරට වෙළඳ පොළට නිකුත් කරනු ලබන මත් පැන් හී මිළ වැඩි කිරීම මත අලෙවිය සීග්‍ර වශයෙන් පහත වැටිම නිසා මේ තත්වය උද්ගතව තිබේ.

ශ්‍රිලංකා යුධ හමුදාව රාජපක්ෂ පාලනය තුලදී ඉහළ නිළධාරීන් ගොඨාකරණය වීමේ අනි‍ටු ප්‍රතිපල වත්මන් යහපාලනයට බුක්ති විඳිමට සිදුව තිබූ බව නොරහසකි. හමුදාවේ ඉහළ නිළධාරීන් රැසක් කටයුතු කරමින් සිටියේ සිය සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවශ්‍යතාවයන් සපළ කරනා ආකාරයෙන් නොවේ. විශේෂයෙන්ම යුධ අපරධ චෝදනා මානව හිමිකම් කැඩීමේ චෝදනා මත "රණ විරුවන්" දං ගෙඩියට දක්වනවාය කියමින් හමුදාව තුල වත්මන් යහපාලන ආණ්ඩුවට එරෙහිව නොසන්සුන්තාවයන් ඇති කිරීමටද ඇතැම් හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණි.

 
ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත්වීමෙන් පුරප්පාඩු වන නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට කටාර්හි ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරන ඒ.එස්.පී. ලියනගේ මහතා පත් කිරීමට යන බව දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ රාත්‍රී නර්තන ප්‍රසංගයක් අතර තුරදී ඒ සඳහා ගීතයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාට ප්‍රහාරයක් එල්ලවී තිබේ. සුනිල් පෙරේරරා මහතා තමන්ගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීම නිසා ඉන් උරණ වූ පිරිසක් මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බලය බෙදීම සහ රාජ්‍යයේ ස්වභාවය ගැන සියලු පක්ෂ අතර එකඟතාවක් තිබෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියාද වන අගමැතිවරයා පවසයි.

ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී බී අබේකෝන් මහතා, තමාගේ දුර්වල සෞඛ්‍ය තත්වය හේතුවෙන් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් දැන ගැනිමට ඇත.

රක්නා ආරක්ෂක ලංකා ආයතන්යේ හිටපු සභාපති හා ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත් අඩංගුවට ගත්තද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එදිනම ඇප ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුව අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරූ අතර එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පියසේන රණසිංහ මහතා පැවසූවේ මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දීමේ තීන්දුව නිවැරදි බවය. ඒ අනුව අල්ලස් කොමිසම එම ඇප අවලංගු කරන ලෙස කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කෙරිනි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතුර පාවිච්චි කරමින් නළුකමට පිවිස ඇතැයි රූපවාහිනි සේවකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන පරිදි ඔහු 'රඟන' අවස්තාවන් සහිත රූපරාමු ඇතුලත් වීඩියෝ පට මුදා හැරීම වෙනුවෙන් මැලැව්වෙතන්ත්‍රී මහතා ජනපතිවරයා සමඟ පවතින සමිප සම්බන්ධතාවය බලයක් ලෙස පාවිච්චි කර වීඩියෝ සංරක්ෂණ අංශයේ සේවකයන්ට සිදු කළ අයතා බලපෑම සම්බන්ධයෙන් සේවක විරෝධයක් මේ වන විටත් ඇතිව තිබේ.

ld add copy

Connet With Us