තමන් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ කාලයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් සිය ඉදිරි ගමනට බාධා එල්ල වූ බව ආර්ජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක දියෙගෝ මැරඩෝනා පවසයි.
17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අද (19දා) දකුණු කොරියාවේ ඉන්චෙන්හිදී (Incheon) ආරම්භ වේ. ආසියාවේ පැවැත්වෙන දැවන්තම ක්‍රීඩා උලෙළ මෙය වන අතර, තරග ඉසව් රැසක් පැවැත්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කිත්රුවන් විතානගේ හට වසරක අත්හිටවූ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති අර්බුදකාරී තත්ත්වය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් විසඳීමට පසුගියදා පියවර ගත්තද එම තත්ත්වය සම්පූර්ණයෙන්ම විසඳී නැතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචිවලින් අනාවරණය වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පවතින සමීප සබඳතාවය බිඳ දැමීම සදහා එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි.
එළඹෙන 13 වැනිදා ආරම්භවීමට නියමිත වැම්පියන්ස් ලීග තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඉවත්වී තිබේ. ඒ ඔහුට අතිවී තිබෙන ආබාධ හේතුවෙනි.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ 'ඒ' කාණ්‌ඩය යටතේ තරගවැදුණු සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ මූලික වටය යටතේ සිය අවසන් තරගයේදී කසකස්‌තානයද පරාජයට පත්කළ අතර ඒ අනුව ආසියානු මට්‌ටමේ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක ශ්‍රී ලංකාව කාණ්‌ඩ ශූරයන් ලෙසින් අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්‌ථාව ලෙසින් එය ඉතිහාසයට එක්‌විය.