නේපාලයේ ඇතිවී තිබෙන භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට වෛද්‍යධාර ‍රැගෙන ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ගුවන් හමුදවේ වෛද්‍ය වරු පිරිසක් අද(26) උදෑසන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් නීපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත් විය .

ඊයේ( 25)හම්බන්තොට අඟුණකොලපැලැස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලන උත්සව භූමියට නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියකු පිස්තෝලයක් සමඟ ඇතුලුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් යාපනයේ කන්කසන්තුරයේ ඉදිකළ මාළිඟය යාපනය විශ්ව විද්‍යාලයට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය 22 වන දින මන්නාරම නගර සභාවේ මාසික රැස්වීමේදී යෝජනාවක් සම්මත කළ බව මන්නාරම නාගරික මන්ත්‍රී රත්නසිංහම් කුමරේස් ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඉදිරි දින කිහිපය තුලදී මූල්‍ය අපරාධ විමර්ශන එකකට කැඳවනු ඇතැයි වාර්තාවේ. රජයට අයවියයුතු රුපියල් මිලියන 4000ක මුදලක් අයතා ලෙස පරිහරණය කළැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

මැයි මස දෙවන දින අමරිකාවේ බලවත්ම රාජ්‍ය නිළධාරියා වන අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තේ මැයි පළමු වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි ‍රැළි දෙකක් පැවැත්වීමේ සූදානමින් පසුවේ.

දහසකට අධික ජීවිත විනාශයක් සමඟ නේපාලය මුහුණ දුන් මහා භූමිකම්පාව නිසා ශ්‍රී ලාංකිකයන් කිසිවකු අනතුරට ලක් වූ බවක් තවමත් වාර්තා වී නැතැයි කත්මන්ඩු නගරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න පවසයි.

සංචාරක අමාත්‍ය නවින් දිසානායක සහ කේරළයේ සංචාරක අමාත්‍ය ඒ.පී. අනිල් කුමාර ඒකාබද්ධව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා එකගතාවය පළකර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us