මහින්ද රාජපක්ෂ සමයේදි සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති හරහා වූ දැවැන්ත මුල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශකයක් නිකුත් කරමින් පවසයි.
ගෝඨා තමයි සුදුවෑන් සංස්කෘතිය අැති කළේ-ජෝසෆ් මයිකල් පෙරේරා
මාධ්‍යවේදීන්, මුලු රටේම ජනතාව , වෘත්තීය සමිති අාදී සියල්ල මර්දනය කරීමට ෙයාදා ගත් සුදු වෑන් සංස්කෘතිය පිළිබද පළමු වතාවට මිරිහාන පොළීසිය සොයා ගැනීමක් කර අැති බවත් මේ ඔස්සේ සුදු වෑන් සංස්කෘතියේ සුළ මුළ අනාවරණය කර ගත හැකි බව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණු මධ්‍යස්ථානයේ අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විජිත් විජයමුණිට,සුමේධාට,විජිත බේරුගොඩට පොලීසියෙන් දැනුම් දීමක්
නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, හිටපු ඇමතිනී සුමේධා ජී. ජයසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ යන තිදෙනාට අද (22) මධ්‍යම රාති‍්‍රය වන විට තමන්ට අයත් පක්ෂ කාර්යාල පොලීසියේ ලියාපදිංචි කරගන්නා ලෙස දැනුම් දී අැත.
ISIS සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම දුරස්වන්න-ජම්ඉයිතුල් උලමා
අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම අෑත්ව සිටින්නැයි සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සංවිධානය පවසයි.
උතුරු මානුෂීය මෙහෙයුම අවසානයෙන් පසු තැන තැන තිබී සොයාගෙන මුලතිව් ප්‍රදේශයේ ගොඩගසා තිබූ වාහන දස දහසක් මීට වසර දෙකකට පමණ පෙර එක්තරා කණ්ඩායමක් විසින් යකඩවලට විකුණා දමා ඇතැයි හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
දක්ෂ නිවේදකයෙක් සහ ගීත රචකෙයක් වන කැලුම් ශ්‍රී මාල්ගේ මව අභාවප්‍රාප්ත වී අැත.
විමල් වීරවංශ මහතාට අයත් ලංකා සයිබර් නිව්ස් වෙබ් අඩවියේ අපූරු පුවත් දෙකක් පළ වී තිබුණි. ඉන් එකක් සඳන්ව තිබුණේ මහින්ද, ගෝඨා සිටින ආසන්නයේ හමුදා සිවිල් සෙබළුන් සමඟ සුදු වෑන් රියක් අත්අඩංගුවට… පරීක්‍ෂණ යට ගැසේ… කියා ය. අනෙකෙහි මහින්ද යන මඟ දුරස්ථ පාලක බෝම්බයක් හමුවේ.. යනුවෙන් සඳහන්ව තිබුණි.
සඳුදා රාත්‍රී 07.30 ට පමණ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුදුවෑන් රථය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති එකක් බව හෙළිවී තිබේ. මෙම වෑන් රථය WP JH 9244 දරන අංකය යටතේ ලියාපදිංචි කරඇති අතර එය යාපනය ප්‍රදේශයෙන් පැහැරගෙන ආ එකක් බව මිරිහාන පොලීසිය විසින් කරන ලද විමර්ශනයකදී හෙළිවී තිබේ.

