එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිලිබඳ මහලේකම්, ජෙෆ්රී ෆෙල්ට්මන් මහතා අද(28) ශ‍්‍රී ලංකාව පැමිණීමට නියමිතය. නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරට ඇති වී තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රවණතාවන් හඳුනාගැනීම ඔහුගේ සංචාරයේ අරමුණවේ.

රජයේ සේවකයන්ට පෙබරවාරි මස වැටුපට රජය ලබාදුන් රුපියල් 5000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය හා වැටුප් කොමිෂන් සභාව එක්ව සාකච්ඡා පවත්වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා කීය.

බස්‌නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර දෙකක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය වෙත ලබාදීම සම්බන්ධව අවධානය යොමුව ඇතැයි කළුතර දිස්‌ත්‍රික්‌කයේ කැබිනට්‌ ඇමැතිවරයකු එම සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වෙත පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ එරට රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ආණ්ඩුව අවධාරණය කරයි. අපේ රට සෑම විටම චීන ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා අතර කුමන රටකින් පැමිණිය ද විදේශීය ආයෝජකයන් සඳහා සමාන අවස්ථා සහ පහසුකම් ලබාදීම වත්මන් ආණ්ඩුෙව් අරමුණ බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තම ජාතියට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කිරීමට තමන් ගත් ක්‍රියාමාර්ගය ජාතිවාදයක් ලෙස අගමැතිවරයා විසින් අර්ථ දක්වනු ලැබීම අතිශයින්ම ඛේදජනක යැයි ද, සත්‍යය ප්‍රකාශ කිරීම කිසි දිනෙක ජාතිවාදයක් ලෙස හැඳින්විය නොහැකි යැයි ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටී.

ජනාධිපති මයිත්‍රීපල සිරිසේන මහතා මහා බ්‍රිතන්‍ය ‍රැජිණගේ ආරාධනයෙන් ලබන මස 07 ව්න දින ලන්ඩන් බලා පිටත් වීමට නියමිත බව සැලවීමත් සමඟ බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතික කණ්ඩායම් ඊට විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබේ.

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර අැත.

ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් කොට ඇති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි.

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us