ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු දේශපාලන පක්ෂයක මැතිවරණ කටයුතුවලට සම්බන්ධ නොවී නිර්පාක්ෂිකව කටයුතු කිරීමේ එකඟතාවයක් පවතින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයා අගමැති අපෙක්ෂකයා කර ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම වෙනුවෙන් අද දින ගොඩ නැඟීමට තැත් කළ දේශපාලන අනාතයන්ගේ පෙරමුණ අත් හැර දැමීමට එම පාර්ශ්ව අදහස් කර ඇතැයි වාර්තාවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සී-ෂෙල්ස් රාජ්‍යයේ දූපතක් මිලදී ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් සහ එම රාජ්‍යයේ ඔවුනට අයත් වෙනත් වත්කම් තිබේද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සී-ෂෙල්ස් රාජ්‍යයේ සහයෝගය මත ශ්‍රී ලංකා රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙවන් වත්කම් පරීක්ෂාවක් සඳහා ශ්‍රී ලංකා රජය කරන ලද විධිමත් ඉල්ලීමකට අනුව එරටේ විදේශ අමාත්‍ය ජින් පොල් ඇඩම් මහතා ප්‍රතිචාර දක්වා ඇති අතර දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට අනුව වත්කම් හෙළිදරව් කළ හැකි බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.

පසුගිය කාලයෙහි සී-ෂෙල්ස් රාජ්‍යයේ දූපතක් මිළදී ගැනීම හා එම රාජ්‍යය හරහා ස්විස් බැංකුවල මුදල් තැන්පත් කිරීම සම්බණ්ධයෙන් මෙරට හා විදේශ වෙබ් අඩවි කිහිපයක් විසින් තොරතුරු හෙළි කර තිබිණි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරන වේදිකවේදී මේ සම්බන්ධයෙන් වැඩි පුර් සාකච්ඡාවට ලක්විය.

කෙසේ වෙතත් පසුගිය රජය මගින් සී-ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කළ අතර ශ්‍රීලන්කන් සහ මිහින් ලංකා දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී.

එසේම පසුගිය වසරේදී හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා එරටේ සංචාරය කළ අතර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ද පිහිටුවනු ලැබූ අතර ශ්‍රී ලාංකිකයෝ ඉතා කුඩා ප්‍රමාණයක් එරටේ ජීවත්වෙති.


මේ අතර පසුගිය රජය සමයේ අයථා ලෙස මුදල් රැස්කොට විදේශයන්හි තැන්පත් කර ඇති බව පවසන ඇමෙරිකානු ඩොලර් මිලියන 5,000 ක් පමණ වන ධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ඉන්දියාව ප්‍රකාශ කරයි. මේ සඳහා මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවීම වෙනුවෙන් ද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද පැවසේ.

මූල්‍ය දූෂණ වැළැක්වීම සහ පසුගිය දශකය තුළ මෙරටට අහිමි වූ වත්කම් පිළිබඳ සොයා බැලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් වී තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වෙමින් මෙලෙස වංචා සහගත අයුරින් රැස්කර තිබෙන මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගෙන ඇත.

නව රජය පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ විවාදය අද (05 දා) සිට පැවැත්වේ.

අද පෙරවරුවේ පැවැති 67 වන නිදහස් උළෙල සඳහා හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවූයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් හේතුවෙන් බව පවසයි.

ඊඒපී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිණී රූපවහිනී ආයතනයේ සේවයන් 4 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ආයතන තුල අදහස් දැක්වීම හේතුවෙන් එම ආයතනයෙන් නෙරපා දමා ඇතැයි වාර්තාවේ.

නිකවැරටිය කොබෙයි ගනේ පවත්වගෙන යන පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක වන ජිෆී ප්‍රඩක්ට් සමාගමට (Jiffy Products S. L) එරෙහිව දැදුරු ඔයට අපජලය මුදා හැරීම අත් හිටවියයුතු බවට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද ඒ නොතකා තවමත් එම අප ජලය දැදුරු ඔයට මුදා හරිමින් තිබේ.

අද දින පැවැත්වෙන 67 වන නිදහස් උළෙල සඳහා සහභාගීවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රයක් යැවීමට රජය විසින් කටයුතු කර තිබුණද ඔහු මේ සඳහා සහභාගී වී නොමැත.

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us