ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ එරට රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ආණ්ඩුව අවධාරණය කරයි. අපේ රට සෑම විටම චීන ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා අතර කුමන රටකින් පැමිණිය ද විදේශීය ආයෝජකයන් සඳහා සමාන අවස්ථා සහ පහසුකම් ලබාදීම වත්මන් ආණ්ඩුෙව් අරමුණ බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තම ජාතියට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කිරීමට තමන් ගත් ක්‍රියාමාර්ගය ජාතිවාදයක් ලෙස අගමැතිවරයා විසින් අර්ථ දක්වනු ලැබීම අතිශයින්ම ඛේදජනක යැයි ද, සත්‍යය ප්‍රකාශ කිරීම කිසි දිනෙක ජාතිවාදයක් ලෙස හැඳින්විය නොහැකි යැයි ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටී.

ජනාධිපති මයිත්‍රීපල සිරිසේන මහතා මහා බ්‍රිතන්‍ය ‍රැජිණගේ ආරාධනයෙන් ලබන මස 07 ව්න දින ලන්ඩන් බලා පිටත් වීමට නියමිත බව සැලවීමත් සමඟ බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතික කණ්ඩායම් ඊට විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබේ.

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර අැත.

ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් කොට ඇති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි.

ඊයේ රාත්‍රියේදී  මෙරට දේශ සීමා උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ ධීවර කටයුතු සඳහ පැමිණී ඉන්දීය දීවරයන් 86 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත.

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශව ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වීම අනවාර්ය කරමින් පනවා තිබූ නියමය අත්හිටුවා තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us