කාන්තාවන් යනු රටේ ආර්ථිකය උදෙසා 60% ක අධික ප්‍රමාණයකට දායකවන සුවි‍ශේෂී ජන කොට්ඨාශයක් වන බවත් මේ වන විට ලංකාව තුළ කාන්තාවන් ඉතා අසරණ තත්වයකට පත් වී ඇති බවත් ලක් වනිතා පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් රෝසි සේනානායක මහත්මිය අද (12) පැවසුවාය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා එක් වන ලෙස වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් එල්ල වෙමින් පවතී බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුරාධපුර පැවැති රැළිය සදහා ලංගම බස් රථ අයතා ලෙස යොදා ගැනීම හේතුවෙන් ඊයේ(11)උතුරු මැද පළාතේ බොහෝ ප්‍රදේශයන්හි පොදු ප්‍රවාහණ සේවා අඩාල වී තිබේ.

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදීමෙන් පසුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් එජනිස පැවැත්වූ පළමු මහජන රැළිය අනුරාධපුරයේ දී පැවැත්වුණි.

හොරු එළවමු, එක්ව රට ගොඩගමු සමග යහ පාලනය හා පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පල කරන රැස්වීමක් දෙසැම්බර් මස 14වන ඉරුදින සවස 04ට පැරිස් කළාප අංක 10 රූ ඩෙ චබ්රෝල් පාරේ අංක 27හි පිහිටි ලා මෙයිසොන් ශාලාවේදි පැවැත්වේ.

එස් ටී එෆ් යැයි කියාගන්නා පිරිසක් තමාගේ නිවස හා ඒ අවට ගැවසෙමින් සිටින අතර එමගින් තමාට ජීවිත තර්ජනයක් එල්ල වී ඇතැයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා කියයි.

එසේම ජනපති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ ගොස් නැවත පැමිණෙන විට ශ්‍රී ලංකාවේ තිරුපති දෙවියන් අදහන ඇමතිවරුන් දෙදෙනෙකු තමන්ට එකතු වූ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ පන්නල මහජන ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති රැස්වීමක් අමතමිනි.

පසුගිය සතියක කාලයක් ඇතුලත ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට සිදු කෙරුණු පහරදීම් සහ බලපෑම් වලට එරෙහිව පුරවැසි බලය සංවිධානය විසින් අද(12) සවස 3.00ට කොළඹ කො‍ටුවේ දී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us