ඌව මැතිවරණයේ ලත් පසුබෑම පාඩමක් කර ගනිමින් සිය ගමන් මග වෙනස් කරන්නේ නම් ආණ්ඩුවට ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජය ගැනීම අපහසු නොවනු ඇතැයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා කියා සිටියි.

දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගෙන වැඩ වර්ජනයක් ඇරැඹුහ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වුවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම යළි රැස්වීමට නියමිතව තිබේ. ලබන 27 වනදා සිට දින 4ක් විමර්ශන කටයුතු සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 27 සහ 28 යන දින වලදි මුලංගාවිල් දෙමළ මහා විද්‍යාලයේත් 29 සහ 30 යන දිනවල පූනගරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේත් විමර්ශන කටයුතු සිදු කෙරෙයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ 06 වන ස්ථානයට පැමිණි රෝයි කාලිංග මහතා ට අද අලුයම 1.00 ට පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔහු මේ වන විට මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවත් කැෆේ සංවිධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇතැයි පක්ෂයේ නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ වැඩි ජනසංයුතියක් සහිත දිස්ත‍්‍රික් 2ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඡන්ද විමසීම පැවති අතර වඩා වැඩි කාර්යභාරයක් නිළධාරීන් වෙත පැවරී තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඌව පළාත් සභාවට ජවිපෙන් තරඟ කළ මොණරාගල, මදුරුකැටියේ පී.පී.ජී විජේසිරිගේ නිවසට හා අපේක්ෂක අනුරකුමාර වික්‍රමසිංහගේ මවගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් සංචාරක පක්ෂීන්ගේ ප්‍රධානම නවාතැන්පොළක් සහ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මන්නාරම කෝරකූල්ලම් තෙත් බිම තුළ පිහිටි කඩොලාන ගලවා දමමින්, ජනතාවට ඉඩම ලබාදෙමින් සිටින බව තෙත් බිම උරුමය සුරැකීම සංවිධානය පවසයි.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us