අතුරුගිරිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන ගොස් අපහරණය කළ ඇයගේ ඥාති තරුණයකුට සහාය වී ඇති බව කියන ඇගේ පුංචි අම්මාවරුන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්කොට අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍්‍යෂ්ඨයන් සහ ජාතික හෙළ උරුමයේ නායකයන් අතර පසුගිය 21දා පැවැති සාකච්ඡාව අතරතුර තමන් එයින් ඉවත්ව යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුදින හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා හෙට (28) දිවයිනට යලි පැමිණීමට නියමිතව තිබේ.

ඔහු යළි ලංකාවට පැමිණීමේදී භාවිතා කරන නම නොයෙල් මුදලිගේ නැමැති අන්වර්ථ නාමයම බව ආගමන විගමන අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටී.

ලංකා සමසමාජ පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී සම්පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් හෙට (27) පැවැත්වීමට නියමිත අතුරුදහන්වුන් සැමරීමේ ජාතික දින උත්සවයට සමගාමීව මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ඊයේ රාති‍්‍රයේ දී දියත්කර තිබේ. වර්ණ 4 කින් යුතු මුද්‍රණය කර ඇති මෙම පෝස්ටර් වර්ග දෙක අතුරුදහන්වුන්ගේ පුවල් එකතුවේ සියලූම සංවිධායකවරුන්ගේ නිවෙස් ඉදිරිපිට කැපී පෙනෙනෙ ලෙස අලවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ එක් රිදී සීනුවක් වනු ඇත්තේ දයාසිරි ජයසේකර වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ය. ඔහු මේ දිනවල කියවන අලුත්ම පොත ‘රජුත් තැනීමේ කලාව - දේශපාලන සන්නිවේදනය“ යි.

විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගරයේ කාන්තා නියෝජිත හමුවක් කොළඹ නගරාධිපති නිළ නිවසේ අද (26) පස්වරුවේ පැවැත්වුණි.
එබෝලා වැලදී ඇති බවට සැක කෙරෙන තරුණියක්  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇත. ඒ බව බව විදෙස් මාධ්‍ය අද මුල් වරට අනාවරණ කළේය. 

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us