මත්තල ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළින් ප්‍රථම වතාවට නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ලක්ෂ 12 ක් පමණ වටිනා රත්රන් කැබලි දෙකක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ. 

රටේ අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය හේතුවෙන් තරුණ තරුණියන් පොතපතටම සීමාවීම තුළ හා බාහිර සමාජ ක්‍රියාකාරකම් සඳහා නොයෙදීම තුළ දියුණු වූ හා දියුණු වන රටවල් දෙස බැලීමේදී අපේ රටේ හොඳ නායකයන් බිහිවීමේ ඌනතාවක් ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

රජය සමඟ එක්වීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවට හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මහඇමති ධුර අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු පවසයි.

මිය ගිය පුද්ගලයින්ගේ නම් වලට හිමි දුරකතන සිම්පත් භාවිත කරමින් අසභ්‍ය පණිවුඩ යැවීම හා කාන්තාවන් හා අශ්ලීල කතා බහෙහි යෙදුන තැනැත්තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

මෙරට කලා ක්‍ෂෙත‍්‍රයේ නොමැකෙන නමක් රැන්දු ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැෂනල් ලීගයේ නායිකා අවුන්සාන් සුකී සහ මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර හමුවක් එරටදී සිදුව තිබේ.

එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයට දෙරණ සුපිරි තරුව එම්.ජී ධනුෂ්ක සහභාගි වීමට නියමිත වූනි. නමුත් ඒ සදහා එම්.ජී ධනුෂ්ක නොපැමිණීමෙන් කෝපයට පත් සංගීත රසිකයින් එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයේ වේදිකාවට බෝතල්,ගල්,යකඩ බට හා පුටු වලින් පහරදී රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුකර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us