ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකයකෙු සහ හිටපු පළාත් සභා මන්ත්‍රී මෙන්ම පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජනප්‍රිය තරුණ ක්‍රියාකාරිකයකු වූ වරුණ දීප්ති රාජපක්ෂ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත බව මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

2014 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනයට අදාළ අභියාචනා ලබන අඟහරුවාදා (30)ට පෙර ඉදිරිපත් කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

දකුණු කොරියාවේ ඉංචියෝන්හීදී  පැවැත්වෙන 17 වන ආසියානු ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය.

පළාත් සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන ආයතන විපක්ෂ නායකවරුන් කිසිවෙකුටත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අවසරයකින් තොරව මින් ඉදිරියට පිටරට යා මට අවසර නොමැති බවට දැනුම් දී ඇත.

ඉකුත් සතියේ වෙළෙඳපොළට නිකුත් වූ iPhone 6 Plus දුරකතනය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි ලැබෙමින් පවතින බව වාර්තා වේ.

ඒ එම දුරකතනය සාක්කුවේ තිබිය දී නැවී තිබීම සම්බන්ධයෙනි. එය සුළු නැවීමක් වුව ද පහසුවෙන් දැකිය හැකි වෙනසක් බවත් එය බොහෝ ජංගම දුරකතන නැවී තිබුණේ ඉහළ ප්‍රදේශයට ආසන්න ව බවත් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටි බව එම පක්ෂයේ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

ප්‍රංශයේ පැවත් වූ ලෝක ශූරතා ජීවිතාරක්ෂක තරඟාවලියෙදි ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකිවී තිබ්‍ෙ. 

සමන්තුර වීරමුණේ රාමක්‍රිෂ්ණා මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා ලබාදීමට නියමිතව තිබූ දියර කිරි පැකට්‌ තුළ පණුවන් සිටීම නිසා එම කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් දරුවන්ට දියර කිරි පැකට්‌ ලබාදීමේ වැඩසටහන වහාම නතර කරන ලෙස සමන්තුර සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරීන් විදුහල්පතිවරුන්ට උපදෙස්‌ දී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us