විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (14) නියෝග කළේය.

සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙරට බැංකු පද්ධතියේ මුදල් සොරා ගනිමින් සිටි තුර්කි ජාතිකයන් දෙදෙනෙකු සහ යුක්රේන් ජාතික කාන්තාවක එසේ සොරාගත් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න මුදල් සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 32ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ දී අක‍්‍රමිකතා සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හොර ඡන්ද දැමීම වෙනුවට හොර ඡන්ද ලැයිස්තු මගින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රචාරක කටයුතුවලට ත‍්‍රිමාණ තාක්ෂණය යොදා සැකසූ දැවැන්ත පුවරු යොදා ගැනීමට තීරණය කර ඇත.

"ආකේඩ් - නිදහස් චතුරස්‍රය" (Arcade Independent Square) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) අලුයම පැවති ලෝක කුසලාන අවසන් උළෙල වර්ණවත් කරමින් ආකර්ෂණීය ඉදිරිපත්කිරීමක් කරන්නට පොප් ගායිකා ශකිරා සමත් විය.

ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කොටස් සමඟ සමගිය, සංහිදියාව හා එක්සත් භාවය ඇති කැර ගැනීම තමන්ගේත් ජනපතිතුමාගෙත් අරමුණ බව ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

‘ජාතිවාදයන්ට, ආගම්වාදයට හා ගෝත‍්‍රවාදයට එරෙහි අපි මිනිස්සු’ තේමාවෙන් පැවැත්වෙන වැඩසටහනක් ජූලි 15 අඟහරුවාදා සවස 03 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us