අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කළාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කර පෙන්වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කාගේ හෝ හොඳ හිතා දිනා ගන්නදැයි කුරුණෑගල පොලිසියෙන් ප්‍රශ්න කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර මැතිවරණ පෝස්ටර් අලවා ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ කාට හෝ බයේ දැයි විමසා සිටියේය.

පොලීසිය දැන් වැඩ කරන්නේ කාගේ හිත දිනා ගන්නද ? කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය අද (10 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.

මෙරට දිස්ත්‍රික්ක දහයක කරන ලද සමීක්ෂණයකදී පවුල් ඒකක සියයට 32 ක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇත.

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us