අද කොහොමද ?

Published in පුවත්
Tuesday, 19 August 2025 07:27

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබේ.

2025 ජූනි 30න් අවසන් වූ වසරේ දෙවන මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය බාර දී තිබෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටවත් ඇතුලත් නොකර ප්‍රතික්ෂේප කරනු ඇති බවට මත පල වී තිබේ.

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින්‌ තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන්‌ එම වන අලියා මියගොස්‌ ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන්‌ පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us