මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියනය ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284ක් අමාත්‍යාංශ 41ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර එම ව්‍යාපෘති වෙනුවෙන් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 692.5ක් වෙන් කර තිබේ.

වැඩිමිලට පොහොර අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා . මේලෙස නීති කඩකර පොහොර අලෙවිය සිදු කළහොත් දැඩි නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි පාරිභෝගික අධිකාරිය අවධාරණය කරන්නේ.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේනවා.

ශානිට ඇප !

Published in පුවත්
Wednesday, 16 June 2021 11:03

මිට සුළු වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප නියම වී තතිබෙන බව වාර්තා වෙනවා.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් කීප දෙනෙකුට එරෙහිව ඇති නඩුවකට යොදා ගැනීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටි හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරට හා උප පොලිස් පරීක්ෂක සුගත් මැන්ඩිස් ඇප පිට මුදා හරිනවාද? නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද තීරණය කරනු ඇත.

ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල වගකිවයුතු බව සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඊයේ (15 වැනිදා) තීරණය කර තිබෙනවා.

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇත. බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පිටි හැර අනෙකුත් පිටි වර්ගවල මිල ද ඉහළ දමා ඇති බව එම සංගමය ප්‍රකාශ කර තිබේ.

වර්තමාන තත්ත්වය යටතේ රටේ සමස්ත ආර්ථිකය කළමනාකරණය කිරීමේදී අපහසුම තීරණ වුවද ගැනීමට සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේ.

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us