ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට SINOPEC සහ IOC සමාගම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සශෝධනය කර ඇති බව සඳහන් වේ.
පසුගිය යල කන්නයේ යුරියා පොහොර ලබා ගැනීම සඳහා රජය විසින්ගොවි ජනතාවට නිකුත් කළ වවුචර්පත්වලට අදාල පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් මස 15ට පෙර එම පොහොර ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ප්‍රමිතියකින් තොර පොල්තෙල් පරිභෝජනයට ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය මහින්ද අමරවීර
ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙරට ජනතාව සදහා පරිභෝජනයට ඉඩ නොදෙන බවත්, එවැනි පොල් තෙල් ප්‍රති අපනයනය කරන බවත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේය.
විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලය සමග ක්‍රියාකාරී සැලැස්මක්
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඇති හැකියාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
2024 වසර වනවිට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.
කැබිනට් තීරණ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ හැකිද? ජනාධිපති කාර්යාලය නීතිපතිගෙන් අසයි
කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කිරීමට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.
ලන්දේසි කෞතුකාගාරවල ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවතත් දිවයිනට
ලන්දේසීන් මෙරටින් රැගෙන ගොස් තිබූ ලෙව්කේ දිසාවට අයත් කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රන් පිහිය, රිදී කස්තානය සහ මහ තුවක්කු දෙකක් ඇතුළු කෞතුක භාණ්ඩ එකතුවක් නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දී ඇත.

