ඉදිරියේදී ගංජා ඔෂධීය බෝගයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගංජා නීතිගත කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31 වැනිදා) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 316ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01) පෙරවරු 11.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදිමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින වෛරසය ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

වෛරස් රෝග පර්‌යේෂණ මධ්‍යස්ථානයක් අප රටට නොමැති නිසා එවැනි මධ්‍යස්ථානයක් ඇති කරන ලෙස තමා ආණ්ඩුවට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරනවා.

මියන්මාරයේ පාලනය තමන් යටතට පවරාගත් බව එරට යුද හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේනවා.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us