ගයන්තට, තලතාට , සුමන්තිරන්ට කොවිඩ් අසාදනය වී නැහැ !
ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල , එම්. ඒ . සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කොවිඩ් 19 අසාදනය වී නොමැති බව ආරංචි මාර්ග සදහන් කරනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක බවත් අඛණ්ඩව එම වැඩසටහන සිදු කෙරෙන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
අද සිට ක්‍රියාත්මක හුදෙකලා කිරීම,හුදෙකලා බව ඉවත් කිරීම හා තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යාම පිළිබඳ තොරතුරු ඇතුලත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2020 ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අදාළව ආයතන තුළ කටයුතු සිදු වන්නේ ද යන්න සොයා බැලීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොවිඩ් 19 අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.
ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.
පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඇතිව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් කඩා දමන ලද යුද්ධය නිසා මළවුන් සිහිකිරීම පිණිස වූ ස්මාරකය නැවත ගොඩනැගීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ලබන මස අවසානයට පෙර කොරෝන එන්නත ලබා දීමට කටයුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සදහන් කරනවා.
කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.