කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මධ්‍යස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු ව්‍යාපාර සදහා පැමිණෙන ගුවන් යානා සදහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

ශීත කළ සුදු පොල් මද ආනයනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

මෙරට තුළ කොරෝනා වෛරසය වෙනස්වීමට ලක්වන්නේදැයි නිරන්තරයෙන් සොයා බලන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේලේ පවසයි. ඇය සඳහන් කළේ, ඒ සඳහා රසායනාගාර ආශ්‍රිත පුළුල් පර්යේෂණ ක්‍රියාත්මක බවය.

පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය ආහාර ස්ථාවර මිලකට ලබා ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලක් යටතේ පවත්වා ගෙන යාමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම ස්ථාවර මිල ගණන් මාස 6 ක කාලයක් පවත්වා ගැනීමට අපේක්ෂිත බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ය.ස්ථාවර මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර වර්ග සැපයීමට හැකි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීම ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතයි.
සහල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, කඩල, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් මෙලෙස ස්ථාවර මිලක් යටතේ මාස 6 ක කාලයක් පාරිභෝගිකයින් වෙත අලෙවි කෙරෙනු ඇති.
ඔහු පැවසුවේ අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිවයින පුරා පිහිටි සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට අපේක්ෂිත බවයි.

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබිම හේතුවෙන් තවත් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කරනවා.

රුවන්ඩාවෙන් පැමිණි විශේෂ කණ්ඩායම සිදුකරනු ලබන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us