ඇමරිකාව උණුසුම් වේ

Published in පුවත්
Thursday, 07 January 2021 10:57

වොෂින්ටනය තාවකාලික වසා දැමීමට පියවර ගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

රට තුළ පවතින වසංගත අර්බුධය හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල්දැමීමට සිදුවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින්. නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වෛරසයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේනවා.

බෞද්ධ දහම් පාසැල් ජනවාරි 17වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. පවතින වසංගතය හේතුවෙන් දහම් පාසැල් තාවකාලිකව වසා දැමුණා. නමුත් හුදෙකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

n

පාසැල් සිසුන් සදහා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අවශ්‍ය සියලුම පෙළපොත් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් පවසනවා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ සතොස හිටපු සාමාන්‍යාධිකාරී මොහොමඩ් අස්ලම් යන අයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේනවා.

පසුගිය සමයේ ඇතැම් හෝටල් වලින් නිරෝධායනය වෙනුවෙන් ලබාගත් අය කිරීම් ගැන විමර්ශනය කල යුතුබව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us