සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීමෙන් සිදුවන්නේ තවත් දූෂණයට සහ අසාධාරණ ලාභ ඉපැයීම් සඳහා හේතු පෑදීමක් බව ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක ආරියරත්න චෝදනා කරනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණු ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහන් සැලසුමට විරෝධය පළ කරමින් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

රනිල් සිරගෙට යැවීම ගැන හෘදසාක්ෂිය අවදිකරගෙන බලන්න - රුවන් විජේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් එජාප නියෝජ්‍ය නායකවරයා පෙන්වාදෙන්නේ රට අගාධයට වැටුණු අවස්ථාවේ රට භාර ගෙන අමාරු අඩියෙන් රට ගොඩ නැගු එකම නායකයා වික්‍රමසිංහ මහතා බවත් එහෙයින් රට වෙනුවෙන් කල කි දෑ වත්මන් පාලකයන් අමතක නොකළ යුතු බවයි.

එසේම හිටපු ජනධිපතිවරයා තම ධුර කාලයන් තුල තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කිසිවිටෙක ඔහු කටයුතුකර නොමැති බවත් එවන් නායකයෙක් අද සිරගෙයි සිටීම කණගාටුවට කරුණක් බවයි .

ඒ අනුව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන අවසාන වශයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ හෘදසාක්ෂිය අවදිකරගෙන මේ තත්ත්වය දෙස බලන ලෙසයි .

එසේම කිසි විටෙකත් සාමය කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, එවැන්නකට කිසිඳු ලෙසකින් අනුබල නොදෙන ලෙසත්, අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන ලෙසත් සියලු පාර්ශව වෙතින් ඉල්ලීමක් කරන බව ඔහු නිවේදනය මගින් සදහන් කර ඇත.

සම්පුර්ණ නිවේදනය පහතින් ,

මාධ්‍ය නිවේදනයයි

රනිල් වික්‍රමසිංහ යනු හයවරක් අගමැතිවරයෙක් ලෙසත්, ඉතාම තීරණාත්මක මොහොතක රටේ ජනාධිපතිධූරය භාර ගෙන රට සංසිඳවීමකට ලක්කළ නායකයෙකු ලෙසත් පක්ෂ භේදයකින් තොරව කවුරුන් තුලත් ගෞරවයක් සහ පිළිගැනීමක් ඇති නායකයෙකු බව රහසක් නෙවේ.

තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කිසිවිටෙක ඔහු කටයුතුකර නැති අතර ඔහු හැම විටෙකම මේ රට පවතින තත්ත්වයට වඩා යහපත් තැනකට ඔසවා තැබීමට දිවිහිමියෙන් ඇපකැප වී ඇත.

සෑම මොහොතකම ඔහුට ලැබුණේ සියල්ල සම්පූර්ණ රටක් නොවේ. ඔහු බලය ලබාගත් සෑම මොහොතකම ඔහුට එම අභියෝගයට මුහුණ දෙන්නට වූ අතර එහෙත් ඔහු අභියෝගය ජයගත්තේය. 2022 පළමු භාගය දිවයිනේ ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් වූ අතර එය බලාපොරොත්තු සුන්වීම, ශෝකය සහ දරුණු කැලඹීම් වලින් ව්‍යාකූලව තිබූ අතර, එම කාලය රටේ කිසිවෙකු සිහිපත් කිරීමට පවා කැමති නැති අඳුරු සමයකි.

දෙකෝටි විසිලක්ෂයකට වැඩි ජනතාවත්, මුලුමහත් රටත් අරාජික තත්ත්වයක දොරකඩ සිටින මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා හිස් අතින් පැමිණ මේ රට භාරගත් අයුරු පක්ෂ විපක්ෂ කාගේත් මතකයේ නොතිබෙන්නට නොහැක.

සෑම අතින්ම ව්‍යාකූල වූ සහ ආර්ථික වශයෙන් බරපතල අගාධයකට වැටී තිබූ අවස්ථාවල ඔහු නිර්භීතව රට භාරගෙන, සුවපත් රටක් බිහිකළේය. ආසන්න වශයෙන් අවසන් වරට ඔහු ජනාධිපති ධූරය භාරගත්තේ පෝලිම්වල ජනතාව මියදෙමින් සිටිය විටය. පාසැල් වසාදමා, රෝහල්වල බෙහෙත් නැතිව, වාහනවලට තෙල් නැතිව,ර ටේ කිසිදු ඩොලරයක් නැතිව මේ රටම මරණ මංචකයේ හුස්ම අදිමින් සිටින මොහොතකය.

ඒ තීරණාත්මක අන්ධකාර සමය තුල කිසිවෙක් මේ රට භාරගන්නට ඉදිරිපත් වූයේ නැත. ශ්‍රී ලංකාව නිදහස් ඉතිහාසයේ පෙර නොවූ විරූ සහ දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට භාරගෙන ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද කාලෝචිත ප්‍රතිපත්ති හේතුවෙන් අද රට මේ තත්ත්වයේ තිබේ.

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා බව අපට අමතක කළ නොහැක.

ඔහු, මේ රටේ ඉගෙනගෙන, මේ රටේ දේශපාලනය කොට, මේ රටේ අනාගතය වෙනුවෙන් දශක ගණනාවක් ඉතිමහත් කාර්‍යබාරයක් ඉටුකොට ඇත. අභියෝගවලට මුහුණ දෙන්න නොහැකිව සමහරු පලා යද්දී, ඔහු අරාජික වෙන්නට ගිය රටක් ඉදිරිපිටට පැමිණ ඒ රට බේරාගන්නට කටයුතු කළේය.

රටේ අර්බුධය නිමාකොට නිසි පරිදි මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍යට ඉඩකඩ දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණයේදීත් පරාජයේදීත් උපේක්ෂාවෙන් කටයුතු කළ බව අමතක කළ නොහැක.

ඔහු, ජයගුහණය කළ විට එයින් උන්මාදයට පත්වුණේත්, පරාජය වූ විට බලය අල්ලාගෙන සිටීමට උත්සාහ කළේත් නැත. නීතියට ගරුකළ ඔහු කිසිවිටෙක පරීක්ෂණවලට මුහුණ නොදී පලා ගියේද නැත. මේ මොහොතේ ඔහු බන්ධනාගාරගතකොට ඇති අතර දැන් සිටින්නේ රෝහල්ගතව ය. විමර්ෂණ කටයුතුවලට නිරන්තරයෙන්ම සහය දුන් සහ අධිකරණයට ගරුකළ චරිතයක් ලෙස ඔහු පිළිබඳව කා තුලත් ගෞරවණීය විශ්වාසයක් තිබේ. ඒ කටයුතුවලින් ඔහු කිසිවිටෙක පලා යන්නෙකු නොවේ.

එබැවින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසත්, තවත් අතකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙකු ලෙසත් මා අවධානය යොමු කරන්නේ ඔහු මේ රටට කළ මෙහෙවර පිළිබඳව අවධානය යොමුකරන ලෙසය. දශක හතකට වැඩි ඔහුගේ ජීවිතය තුල දශක පහකට වැඩි කළක් ඔහු මේ රට ගොඩනැගීම වෙනුවෙන් ගත් වෑයම පිළිබඳව අවධානය යොමු කරන ලෙසය. හය වතාවක් අගමැතිවරයෙකු ලෙසත් වරක් ජනාධිපතිවරයෙකු ලෙසත් කටයුතු කරමින් රට වෙනුවෙන් කළ වෙහෙසකර කැපවීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසය. දේශපාලන කණ්නාඩි වෙනුවට මනුෂ්‍යත්වයේ සහ කළගුණ වටහාගැනීමේ අවංකත්වය පිළිබඳව හෘදසාක්ෂිය අවදිකරගන්නා මෙන් මම කාරුණිකව සිහිපත් කරමි.

එසේම දේශපාලන එදිරිවාදිකම් නොසලකා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මේ මොහොතේ පෙනී සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමස්ත විපක්ෂයේ නායකයින්, මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන් වෙතත් නීතිඥ ප්‍රජාව වෙතත්, වෛද්‍ය කාර්ය මණ්ඩල වෙතත්, විදෙස් රාජ්‍ය තන්ත්‍රීකයින් වෙත මගේ ප්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

වාහනයක් ලගාවිය නොහැකි, රෝහලක් ලගක නැති ජීවිත බේරාගන්නට ඔහු සුව සැරිය ආරම්භ කළ අතර එහෙව් ඔහු අද බන්ධනාගාරගතව සිටී. මුලු රටම කිසිදු බලාපොරොත්තුවක් නැතිව අපේක්ෂභංගව සිටි මොහොතක රට භාරගත් ඔහු අද බන්ධනාගාරගතව සිටී.

මා ඉල්ලා සිටින්නේ හෘදසාක්ෂිය අවදිකරගෙන මේ තත්ත්වය දෙස බලන ලෙසට ය.

එහෙත් කිසි විටෙකත් සාමය කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, එවැන්නකට කිසිඳු ලෙසකින් අනුබල නොදෙන ලෙසත්, අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන ලෙසත් සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක
2025 අගෝස්තු 25

 

2024 වර්ෂයේ පවත්වන ලද උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

අද කොහොමද ?

Published in පුවත්
Tuesday, 26 August 2025 07:48

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා යනුවෙන් හිරු පුවත් ආයතනයේ වේබ අඩවියෙහි පළ කළ පුවත අසත්‍යක් බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

hiru

 

අධිකරණ තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

Page 10 of 1744

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us