යුද්ධය නිසා මෙරට තේ අපනයන ක්ෂේත්‍රයට සතියක් තුළදී ඩො. මිලියන 15 ක අලාභයක්
ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තේ අපනයන ක්ෂේත්‍රයට සතියක් තුළදී ඇමරිකානු ඩොලර් මිලියන දහයත් පහළවත් අතර අලාභයක් සිදුවෙමින් ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.
උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
රියාද් සහ ඩුබායි වෙත හෙට දෛනික සේවා නැවත ආරම්භයි - ශ්‍රී ලන්කන් ගුවන් සේවය
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන්ගමන් ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට සිට බැංකු ගිණුම් වෙත
2026, අයවැය යෝජනාව යටතේ ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ.
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය හෙටට කල් තබයි
සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට (10) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 6 අද සිට බලාත්මකයි
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති නොවන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා ‘දිනමිණ’ට ඊයේ (08) පැවැසීය.

