විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

කැළිකසළ ගැටලුවට තිත තැබීමේ අරමුණින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියක් යටතේ රුපියල් කෝටියක් දක්වා ණය මුදල් ලබා ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 11ක් මේ මොහොතේ සිට හුදෙකලා(Lockdown) කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.

අද වන විට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දෙසීය (200) ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.

උදා වූ නව වසරට අගමැති මහින්ද රාජපක්ෂ සුභාසිංසන පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එක ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැඟීමට නව වසර අවස්ථාවක් කරගන්නා ලෙසත්, දේශීයත්වයට මුල් තැන ලැබෙන රජයේ ආර්ථික දැක්ම ඔස්සේ රට තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් ඇති වීම ස්ථීර බවත් ඒ තුළ ජනතාවගේත් රටේත් අනාගතයට සෞභාග්‍ය උදාවනු ඇති බවත්ය.

උදා වූ නව වසර වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් පණිවුඩයක් එක් කර තිබෙනවා. පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සදහන් කරන්නේ ලබන්නාවූ නව වසර අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතු බවත්,ඒ වෙනුවෙන් සකල ශ්‍රීලාංකේය ජනතාවට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරන බවත්ය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us