රුවන්ඩාවෙන් පැමිණි විශේෂ කණ්ඩායම සිදුකරනු ලබන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට "වාරි සෞභාග්‍යයා" වැඩසටහන තුළින් පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් 200 කට අධික සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සදහන් කර ඇත. අමාත්‍යවරයා මේ බව සදහන් කරේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් සංවර්ධනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කොකේන් මිලිග‍්‍රෑම් 770 ක් සහ අයිස් මිලිග‍්‍රෑම් 550 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

සතොස ආයතනය මඟින් අලෙවි කරන සෑම මුහුණු ආවරණයකින්ම ලැබෙන ආදායමෙන් රුපියලක මුදලක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us